
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වරට පසුගියදා ජනාධිපති නීතිඥ දිවුරුම් දීමේ උත්සවයේදී ඩිජිටල් අත්සන ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුන්වාදෙන ලදී.
සාම්ප්‍රදායිකව, මෙම ක්‍රියාවලිය භෞතිකව සිදු කරන ලබන්නක් වන අතර පසුගිය 20වැනිදා අත්කරගත් මෙම ජයග්‍රහණය ඓතිහාසික සන්ධිස්ථානයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සදහන් කරයි.
මෙම සාධනීය අත්කරගැනීම අධිකරණ මෙහෙයුම් නවීකරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි කැපවීම පිළිබිඹු කරයි.
මෙම අධිකරණය දැනටමත් වෙබ් පාදක නඩු කළමනාකරණ පද්ධතියක් (CMS) දියත් කර ඇති අතර, එමඟින් වඩාත් කාර්යක්ෂම හා තාක්ෂණය මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලියක් සඳහා ශක්තිමත් ඩිජිටල් පදනමක් ස්ථාපිත කෙරේ.
2026 වසරේ සිට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊ-නඩු ගොනුකිරීමේ පද්ධතිය (e-Filing system) අදියරෙන් අදියර ක්‍රියාත්මක කරනු ඇති අතර, එමඟින් නීතිඥවරුන්ට මාර්ගගත ආකාරයට නඩුගොනු කිරීමට හැකිවනු ඇත.
නීති වෘත්තිකයන්ගේ සහ මහජනතාවගේ පහසුව, ප්‍රවේශතාවය සහ වේගය වැඩි දියුණු කරමින් දිවයින පුරා විහිදි අධිකරණ වෙත මෙම ඊ-නඩු ගොනුකිරීමේ පද්ධතිය ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.
ඩිජිටල් අත්සන ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාවට නැංවීම තුළින්, නවෝත්පාදනයන් වැළඳගැනීමේ සහ අධිකරණ අංශයේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දීමෙහිලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කැපවීම අවධාරණය වේ.
2025 නොවැම්බර් 21 වන දින සිට, අලුතින් ලියාපදිංචි වූ නීතිඥවරුන් 532 දෙනෙකු ඩිජිටල් අත්සන් තැබීමේ ක්‍රියාවලිය භාවිත කරමින් දිවුරුම්දීමේ උත්සවයන්හිදී දිවුරුම් දී නීතිඥ මණ්ඩලයට ඇතුළත් කරගනු ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අධිකරණය නවීන ඩිජිටල් යුගයක ඔසවා තැබීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින් 2025 නොවැම්බර් 21 වැනි දින බඳවාගැනීම් 90ක් සම්පූර්ණ කිරීමෙන් මෙම ඓතිහාසික මුලපිරීම ආරම්භ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart