November 3, 2026

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් රැඳී සිටින නේවාසිකාගාරයක කාමරයක අඟහරුවාදා (03) උදෑසන ගිනිගැනීමක් සිදුවිය.

වාර්තා වන අන්දමට, එම කාමරයේ රැඳී සිටි ශිෂ්‍යාවන්ගේ සියලුම බඩු බාහිරාදිය ගින්නෙන් විනාශ වී ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේදී කාමරය තුළ කිසිදු ශිෂ්‍යාවක සිට නොමැති අතර, කිසිදු අයකුට තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.

හටගත් ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ යොදවා තිබිණි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.