
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයිඩීඑච් රෝහලේ රෝගීන් දෙදෙනකුගේ මරණයට සම්බන්ධ බව කියන ප්රශ්නගත ඔන්ඩෙස්ට්රෝන් එන්නත් වර්ගය මෙරටට ගෙන්වා ඇත්තේ MAAN Pharmaceutical නමැති ඉන්දියානු සමාගමක් විසින් බවත්, එම සමාගම වසර 05 ක කාලයක් සඳහා ලියාපදිංචි ඇත්තේ 2022 වසරේ දෙසැම්බර් 23 වැනිදා වන බවත් අනාවරණ වී තිබේ.
එමෙන්ම මෙම ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ලියාපදිංචි වී සිටින සැපයුම්කරුවන් 11 දෙනකු සිටින අතර ඉන් සැපයුම්කරුවන් සිව්දෙනෙකු බංග්ලාදේශයේ නිෂ්පාදනය කරන ඖෂධ මෙරටට සපයනු ලබයි.
ඉතිරි සැපයුම්කරුවන් සපයනු ලබන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඖෂධයි.
ඔවුන් සියලුදෙනා USP සහතිකය අනුව මෙටටට ඖෂධ සැපයුම් සිදුකරන අතර දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ප්රශ්නගත එන්නත පසුගිය රජයන් සමයේ ඇනවුම් කළ ඖෂධ තොගවලට අදාළ කොටසක් ලෙස ගෙන්වා ඇති බවයි.
එමෙන්ම ඔන්ඩෙස්ට්රෝන් ඖෂධය අවස්ථා 03 කදී මෙරටට ගෙන්වා ඇති බවත් ඖෂධය සම්බන්ධයෙන් ප්රශ්නගත තත්වය උද්ගත වී ඇත්තේ MAAN Pharmaceutical සමාගමෙන් ඇනවුම් කළ ඖෂධවලින් පමණක් බව ද පැවසේ.
කෙසේවෙතත් මෙම ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ පර්යේෂණාගාරයේ පරීක්ෂණ සිදුකරන නමුත්, එහි රසායනාගාරවල පවතින පහසුකම් අනුව සියලුම සාම්පල් පරීක්ෂා කිරීම අපහසු බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart