
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට බන්ධනාගාරගතව පසුවන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා නීතිමය ක්රියාමාර්ගයක් ආරම්භ වනු ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්ය මැදගම ධම්මානන්ද හිමියෝ බලාපොරොත්තු පළකරති.
නොයෙක් නිකායන්හි ජ්යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා ඥානසාර හිමියන්ගේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදිය හැකිද යන්න පිළිබඳව මහ සංඝරත්නයේ සහ මහජනතාවගේ අදහස් විමසා ඇති බව උන්වහන්සේ පවසා ඇත.
අධිකරණ තීන්දුවකින් පසු හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදුන් ආකාරය සිහිපත් කළ ධම්මානන්ද හිමියෝ, එහිදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම ක්රියාවලිය අපේක්ෂිත පරිදි සම්පූර්ණ කිරීමට නොහැකි වූ බවත්, එහි ප්රතිඵලයක් ලෙස උන්වහන්සේට නැවතත් බන්ධනාගාරගත වීමට සිදු වූ බවත් සඳහන් කර තිබේ.
මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්රියාමාර්ග අවශ්ය බව උන්වහන්සේ පවසා ඇත.
“නීති විශාරදයන්ගේ උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිවන ක්රියාවලියක් ආරම්භ වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart