
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය සුපජී සුතුම්පන් ශ්රී ලංකාවට පැමිණියේ මිහින්තලා විහාරස්ථානයේ පැවැති සර්වඥ ධාතු නිධන් කිරීමේ පුණ්ය මහෝත්සවයට බෞද්ධ බැතිමතුන් සමඟ සහභාගී වීම සඳහා වන පෞද්ගලික සංචාරයක් ලෙස පමණක් බව විදේශ කටයුතු අමාත්යාංශය පැහැදිලි කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්යාංශය සඳහන් කරන්නේ, ඇයගේ මෙම සංචාරය වෙනුවෙන් ගුවන්තොටුපළ ප්රභූ (VIP) පර්යන්තයේ පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදෙන ලෙස තායිලන්ත තානාපති කාර්යාලය කළ ඉල්ලීමට අනුව, ශ්රී ලංකා බලධාරීන් විසින් එම පහසුකම් සලසා දුන් බවයි.
මෙම සංචාරය ආගමික වතාවත්වලට සහභාගී වීම සඳහා පමණක් වෙන් වූ පෞද්ගලික සංචාරයක් වූ බැවින්, වෙනත් කිසිදු රාජ්ය නිලධාරියෙකු නියෝජ්ය අග්රාමාත්යවරිය සමඟ පැමිණ නොසිටි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය සුපජී සුතුම්පන් මීට පෙරද ආගමික කටයුතු සඳහා සහභාගී වීමට මෙලෙස පෞද්ගලික මට්ටමින් ශ්රී ලංකාවේ සංචාරය කර ඇති බවද විදේශ කටයුතු අමාත්යාංශය පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart