
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොනුකරන ලද අපහාස නඩුවක් සමථයකට පත්කර ගැනීම සඳහා අමෙරිකාවේ ABC පුවත් සේවය විසින් ඩොලර් මිලියන 15 ක ගෙවීමක් සිදුකිරීමට එකඟ වී තිබේ.
ඉකුත් මාර්තු මාසයේදී විකාශය වූ අමෙරිකානු නියෝජිත නැන්සි මේස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් “ස්ත්‍රී දූෂණයට වගකිව යුතු” බව එම පුවත් සේවයේ ජ්‍යේෂ්ඨ නිවේදකයකු වන ජෝර්ජ් ස්ටෙෆනොපොලොස් විසින් කරන ලද ගුවන් ප්රකාශයන්ගෙන් මෙම නඩුව ආරම්භ විය.
බේරුම්කරණයේ නියමයන්ට අනුව ට්‍රම්ප් වෙනුවෙන් “ජනාධිපති පදනමක් සහ කෞතුකාගාරයක්” සඳහා කැප වූ අරමුදලකට ඩොලර් මිලියන 15 ක පරිත්‍යාගයක් කිරීමට ABC ප්රවෘත්ති සේවයට හැකියාව පවතී.
ABC ප්රවෘත්ති සේවයට සහ ස්ටෙෆනොපොලොස් ද ඉහත සඳහන් කළ සම්මුඛ සාකච්ඡාවේදී ට්‍රම්ප් ගැන කළ ප්‍රකාශයන් ගැන “පසුතැවිලි වන” බව පවසමින් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර විකාශකයා විසින් නඩු ගාස්තු වශයෙන් ඩොලර් මිලියනයක් ගෙවනු ඇත.
මෙම බේරුම්කරණය නොවැම්බර් 5 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ට්‍රම්ප් නීතිමය වශයෙන් ලබාගත් නවතම ජයග්‍රහණය ලෙස සනිටුහන් වේ.
ධවල මන්දිරයෙන් පිටවීමේදී ට්‍රම්ප් විසින් රහසිගත ලියකියවිලි වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට එක්සත් ජනපද අභියාචනාධිකරණය පසුගිය මාසයේ අවසර ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart