
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතිකව පිළිගත් රසායනාගාරයකදී මෙරට භාවිතයෙන් ඉවත්කරන ලද ඔන්ඩන්සෙට්‍රොන් එන්නත කාණ්ඩ පරීක්ෂා කිරීමටත්, ඒ සඳහා වැයවන සම්පූර්ණ පිරිවැය දැරීමට සූදානම් බවටත් ඉන්දියානු ඖෂධ සමාගමක් වන මාන් ෆාමසියුටිකල් (පෞද්ගලික) සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇතැයි වාර්තා වේ.
අමාත්‍යාංශය වෙත යොමුකරන ලද ලිපියක, අදාළ කාණ්ඩ ස්වාධීන පරීක්ෂණ සඳහා යොමුකරන ලෙස එම සමාගම ඉල්ලා ඇති අතර, එන්නත් සාම්පල පරීක්ෂා කිරීමට පෙර නිසි කොන්දේසි යටතේ ගබඩා කර ඇති බව සහතික කිරීම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් බව ද සඳහන් කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෙසැම්බර් 13 වැනි දින මාන් ෆාමසියුටිකල් විසින් නිෂ්පාදනය කරන ලද ඔන්ඩන්සෙට්‍රොන් එන්නත කාණ්ඩ හතරක් මෙරට රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්වල භාවිතයෙන් වහාම ඉවත් කරන ලෙස නියෝග කරන ලදී.
රෝගීන් දෙදෙනෙකුගේ මරණයට හේතු වූ බවට චෝදනා එල්ල වූ එම ඖෂධයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුවූ සැකයන් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
කෙසේවෙතත් අදාළ මරණ සිදුව ඇත්තේ එන්නත් නිසා ද යන්න තීරණය කිරීම සඳහා දැනට පරීක්ෂණ සිදුවෙමින් පවතී.
ඒ අනුව මාන් ෆාමසියුටිකල් සමාගම මෙරටින් ඉල්ලා ඇත්තේ අන්තර්ජාතික පරීක්ෂණ සඳහා ඉවත්කරන ලද කාණ්ඩ වහාම යොමුකරන ලෙසයි.
සාම්පල අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව ගබඩා කර ඇති බව සත්‍යාපනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් අදාළ සියලු වියදම් ආවරණය කිරීමට සූදානම් බව ද සමාගම අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart