
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කියන දේ නොසළකන්නේ ඔවුන්ට ඔවුන්ගේම ක්‍රමවේදයක් තිබෙන නිසා බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රනාන්දු කියාසිටියේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා දේ සැළකිල්ලට නොගන්නා බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පාර්ලිමේන්තුවේදී කතාකිරීමෙන් පලක් නොමැති බවයි.
“අයිසීසීය වැඩ කරන්නේ වෙනස් විදියකට. ඒ නිසා ක්‍රිකට් ගැන මේ සභාව තුළ කෑ ගහලා වැඩක් නැහැ. විපක්ෂ නායකතුමා ඇතුළු සමහරුන්ට මේ කාරණය තේරෙන්නේ නැහැ,” යැයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ක්‍රිකට් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසීය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් කිරීමේ යෝජනාවක් අපි අනුමත කර තිබෙනවා. පාර්ලිමේන්තුව අනුමත කළ යෝජනාවට මොකද වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන පුළුවන්” විපක්ෂ නායකවරයා කීවේය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගොනුකිරීමේ කාර්යය අපි නීතිපතිවරයාට භාර දී තිබෙනවා. චිත්රසිරි වාර්තාවේ නිර්දේශ මත ක්‍රීඩා නීතියත් අපි වෙනස් කරනවා.” යැයි විපක්ෂ නායකවරයාට ප්‍රතිචාර දක්වමින්ඇමැති හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart