
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වරකාපොළ ප්රදේශයේදී නිවසේ සුරතලයට ඇති කළ බළලා බේරාගැනීමට යාමේදී ලිඳට වැටීමෙන් 32 හැවිරිදි තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වරකාපොළ, අල්ගම, මදුරුපිටිය ප්රදේශයේ පදිංචිව සිටි තරුණියකි.
පොලිසිය සඳහන් කළේ නිවස පිටුපසින් බළලුන් කෑගසන ශබ්දය ඇසී පරීක්ෂා කිරීමේදී උන්ගෙන් එක් පූසෙකු ලිඳට වැටී ඇති බව ඇයට දැකගන්නට ලැබී ඇති බවයි.
පසුව ඇය සිය පියා සමඟ ලිඳ අසලට ගොස්, ලිඳට වැටුණු පූසා සොයාගැනීම සඳහා සිය ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා ආලෝකය ලබාදී ඇත. පියා විසින් ලණුවක ගැටගැසූ බාල්දියක් ආධාරයෙන් සතුන් බේරාගැනීමට සූදානම් වෙද්දී, ඇය ආලෝකය ඇල්ලීම සඳහා ලිඳ දෙසට නැමී තිබේ.
එහිදී ඇය ලිඳට ඇද වැටී ඇති අතර, වැටෙන අවස්ථාවේදී හිස කොන්ක්රීට් කොටසක වැදීමෙන් බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
පසුව ඥාතියෙකුගේ ද සහාය ඇතිව ඇයව ලිඳෙන් ගොඩගෙන නිට්ටඹුව, වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිට ඇත.
නිට්ටඹුව, කලගෙඩිහේන ප්රදේශයේ අත්වැසුම් නිෂ්පාදනය කරන ආයතනයක රැකියාවක නිරතව සිටි ඇය, සිය මව්පියන් සහ බාල සොහොයුරා සමඟ පදිංචිව සිටි තැනැත්තියකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart