
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්තිඩිය වනජීවී සහන සහ පුනරුත්ථාපන මධ්යස්ථානයෙන් ප්රතිකාර ලබා සුවය ලැබූ වනසතුන් 45 දෙනෙකු සුදුසු ස්වාභාවික වාසස්ථාන වෙත නිදහස් කිරීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වනජීවීන් රඳවා තැබීමේ මධ්යස්ථානයේ ප්රධානී, වනජීවී පශු වෛද්ය ප්රමුදිත දේවසුරේන්ද්රගේ මූලිකත්වයෙන් ඔක්තෝබර් 14 වනදා මෙම සතුන් නිදහස් කිරීම සිදු කර ඇත.
මෙසේ නිදහස් කරන ලද සතුන් අතර තිත් මුවන් 06 දෙනෙකු, අළු වඳුරන් 13 දෙනෙකු, කබල්ලෑවෙකු, හඳුන් දිවියෙකු, සර්පයන් 11 දෙනෙකු, තාරකා ඉබ්බන් 08 දෙනෙකු සහ රිළවුන් 06 දෙනෙකු ඇතුළත් වේ.
බස්නාහිර වනජීවී කලාපයෙන් හමුවන අවතැන් වූ, තුවාල ලැබූ සහ රෝගී වූ වනසතුන් සඳහා පශු වෛද්ය ප්රතිකාර ලබාදීම අත්තිඩිය මධ්යස්ථානය මගින් සිදුකෙරේ.
මධ්යස්ථානය වෙත රැගෙන එන බොහෝ සතුන්ට පවතින්නේ සුළු තුවාල බව පෙන්වා දෙන වනජීවී නිලධාරීන්, ස්වාභාවික වාසස්ථානවල සිටින සතුන් අනවශ්ය ලෙස ඉවත් කිරීමෙන් ඔවුන් තවත් ගැටලුවලට මුහුණ දෙන බවට අනතුරු අඟවයි. විශේෂයෙන්ම පැටවුන් සිය මව්වරුන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන මානසික පීඩනය, නාඳුනන පරිසරයකට මුදාහැරීමෙන් පසු වෙනත් සතුන්ගේ ප්රහාරයන්ට ලක්වීම සහ පරිසර වෙනස්වීම් නිසා උන්ගේ පැවැත්මට තර්ජන එල්ලවීම වැනි අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ.
එබැවින් යම් වනසතෙකුට තුවාල සිදුව නොමැති නම් හෝ පවතින්නේ සුළු තුවාල පමණක් නම්, එම සතුන් ස්වාභාවික වාසස්ථානවලින් ඉවත් නොකර එම පරිසරයේම රැඳී සිටීමට ඉඩ හරින ලෙස වනජීවී නිලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart