
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිපිටකය හා බුද්ධ චරිතය විකෘති කරමින් දේශනා කිරීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිවරුන් සහ කාරක මහා සංඝ සභාව පිටිදූවේ සිරිධම්ම නමැති භික්ෂුවට දැඩි ලෙස අවවාද කර ඇත.
මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කරන ලද්දේ, මහානායක හිමියන් ප්‍රමුඛ මල්වතු පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාව හමුවට ඊයේ පිටිදූවේ සිරිධම්ම භික්ෂුව කැදවා ත්‍රිපිටකය සහ බුද්ධ චරිතය විකෘති කරමින් සිදුකරන දේශනා නතර කරන ලෙස තරයේ අවවාද කළ බවයි.
එහිදී පිටිදූවේ සිරිධම්ම භික්ෂුව බෞද්ධ ජනතාවට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිවරුන්ගෙන් සහ කාරක මහා සංඝ සභාවෙන් සමාව අයැද සිටි අතර, මහාවිහාර සම්ප්‍රදායෙන් බැහැරව කිසිදු දේශනාවක් හෝ ධර්ම විග්‍රහයක් සිදු නොකරන බවට සහතික වී ඇත.
සිරිධම්ම හිමියෝ භික්ෂුව සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ද ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart