
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 දී පාකිස්ථානයේ හමුදා මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් සිවිල් වැසියන් 25 දෙනෙකුට එරට හමුදා අධිකරණයක් විසින් වසර දෙකේ සිට 10 දක්වා ‘දැඩි සිරදඬුවම්’ නියම කර තිබේ.
මෙම තීන්දුවත් සමග ත්‍රිවිධ හමුදාවට එරෙහිව ප්‍රහාර උසිගැන්වීම ඇතුළු චෝදනා රැසකට මුහුණ දී සිරගත කර සිටි 72 හැවිරිදි හිටපු අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධ නඩුවලදී හමුදා උසාවි විශාල කාර්යභාරයක් ඉටු කිරීමට යන බවට ඔහුගේ ආධාරකරුවන් අතර කණස්සල්ල මතු වී තිබේ.
පැරාමිලිටරි සොල්දාදුවන් විසින් හිටපු අගමැති අත්අඩංගුවට ගැනීමට විරෝධය දැක්වීම සඳහා ඛාන්ගේ ආධාරකරුවන් දහස් ගණනක් 2023 මැයි 9 වැනි දින හමුදා ස්ථාන වෙත කඩා වැදී ගිනි තැබූහ.
ප්රචණ්ඩ ක්‍රියාවලින් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකු මිය ගියගොස් තිබිණි.
හමුදාවේ අන්තර් සේවා මහජන සම්බන්ධතා කාර්යාලය පැවසුවේ අද ලබා දුන් දඬුවම් රටේ යුක්තිය පසිඳලීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.
ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අනෙක් අයගේ නඩු ත්‍රස්ත විරෝධී උසාවිවල විභාග වෙමින් පවතින නමුත් යුක්තිය සම්පුර්ණයෙන්ම ඉටු වනු ඇත්තේ “මහ මොළකරුට සහ සැලසුම්කරුවන්ට … ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ නීතියට අනුව දඬුවම් කළ පසු” පමණක් බව හමුදාව පැවසීය.
හමුදාවට එරෙහිව ප්‍රහාර උසිගැන්වීමේ චෝදනාව මත ඛාන්ට ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් අධිචෝදනා ගොනු කිරීමෙන් දින කිහිපයකට පසු මෙම තීන්දුව ලබා දී ඇත.
සිවිල් වැසියන්ට නඩු පැවරීමට පසුගිය වසරේ අධිකරණය තාවකාලිකව හමුදා උසාවිවලට අවසර දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart