
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග හෙට උදෑසන දක්වා පමණක් පවතින බවට ඉන්ධන බෙදාහරින්නන්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පැවසුවේ, අද දින දිවයින පුරා ඇණවුම් 1,581 ක් ලැබී ඇති බවත්, අද ඉරිදා දිනයක් වුවද සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහරින බවත්ය.
අද දින ලබා දී ඇති ඇණවුම් හෙට දින අවශ්‍යතා සඳහා බවත්, බෙදාහරින්නන් පවසන පරිදි හෙට දින ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත් ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.
සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති බවත්, අගෝස්තු මාසය දක්වා ඇණවුම් දැනටමත් ලබා දී ඇති බවත් සභාපතිවරයා පැවසීය.
“රට තුළ ඉන්ධන හිඟයක් ඇති වෙන්න නම් ඉන්ධන තොග අවසන් විය යුතුයි. නැත්නම් ඉන්ධන ඇණවුම් කර නතු විය යුතුයි. නමුත්, එවැනි කිසිම ගැටළුවක් දැනට රටේ නැහැ. අප සතුව සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා. අගෝස්තු අග දක්වා ඉන්ධන සඳහා ඇණවුම් ලබා දී තිබෙනවා” ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart