
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාගම්වල ප්රතිලාභී හිමිකාරිත්ව තොරතුරු මෙතෙක් ලබාදී නොමැති සමාගම් වෙත සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නීතිමය අවශ්යතාව දිගින් දිගටම පැහැර හරින සමාගම්වලට එරෙහිව රුපියල් මිලියනය දක්වා වන දඩ මුදල් හෝ වසර 10 දක්වා වන සිරදඬුවම් ඇතුළත් නීතිමය පියවර ගන්නා බවට එමගින් දැඩි ලෙස අනතුරු අඟවා ඇත.
සමාගම් රෙජිස්ට්රාර් ජනරාල්වරයා විසින් ඔක්තෝබර් 28 වනදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඒ සඳහා ලබා දී තිබූ දීර්ඝ කරන ලද අවසාන දිනය වූ 2026 ඔක්තෝබර් 21 වනදායින් අවසන් වී ඇති බැවින්, මෙතෙක් අදාළ තොරතුරු ලබාදී නොමැති සියලුම සමාගම් ප්රමාදයකින් තොරව එම තොරතුරු ඉදිරිපත් කළ යුතු බවයි.
ප්රතිලාභී හිමිකාරිත්ව තොරතුරු ලබාදීම සඳහා වූ මුල් අවසාන දිනය 2026 සැප්තැම්බර් 30 වනදා දක්වා පැවති අතර, පසුව එය ඔක්තෝබර් 21 වනදා දක්වා දීර්ඝ කරන ලදී.
සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, 2025 අංක 12 දරන සමාගම් (සංශෝධිත) පනතින් සංශෝධිත 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ප්රතිලාභී හිමිකාරිත්වයට අදාළ ව්යවස්ථාපිත අවශ්යතාවලට අනුකූල නොවීම වරදක් බවයි.
එලෙස අනුකූල නොවන සමාගම්වලට එරෙහිව නීතියෙන් නියම කර ඇති පරිදි රුපියල් මිලියනය නොඉක්මවන දඩයක්, වසර 10 නොඉක්මවන කාලයකට සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමට නීතිමය පියවර ගන්නා බවට දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.
සමාගමක අවසාන හිමිකාරිත්වය හෝ පාලනය දරන පුද්ගලයන් කවුරුන්ද යන්න හඳුනාගැනීම ප්රතිලාභී හිමිකාරිත්ව තොරතුරු මගින් සිදුකරන අතර, එය සමාගම් ක්ෂේත්රයේ පාරදෘශ්යභාවය සහ වගවීම ඉහළ නැංවීමට උපකාරී වේ.
එබැවින් අදාළ සියලුම සමාගම් දෙපාර්තමේන්තුවේ “ප්රතිලාභී හිමිකාරිත්ව පද්ධතිය” ඔස්සේ සිය අතපසු වූ තොරතුරු වහාම ලබාදී කටයුතු නිසි මගට ගන්නා ලෙස සමාගම් රෙජිස්ට්රාර් ජනරාල්වරයා අවධාරණය කර සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart