
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පමණ පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව ඊෂාඩ් බදියුදීන්ගේ බිරිය, මාමණ්ඩිය හා දැරිය මෙහෙකාර සේවයට යෙදවූ පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ෂණ කැකුණවල නියෝග කළේය.
මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන දැරිය මෙහෙකාර සේවය සඳහා ලබාදුන් බව කියන පොන්නයියා පණ්ඩාරම්, දෙවන විත්තිකරු වන රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩිය බව කියන අලි ඉබ්රාහිම් කිදර් මොහොමඩ් හා තෙවැනි සැකකාරිය වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන කිදර් මොහොමඩ් ශිහාබ්දීන් අයීෂා යන තිදෙනාට එරෙහිව එසේ නඩු පවරන ලෙස අධිකරණයෙන් නියම විය.
කෲරත්වයට පත්කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළෙඳාම ඇතුළු චෝදනා කීපයක් යටතේ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙම තිදෙනාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.
මෙම සිද්ධියේ සිව්වැනි සැකකරු වන රිෂාඩ් බදියුදීන් හා පස්වැනි සැකකරු වන බදියුදීන් අබ්දුල් රිෂාඩ් සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන ලෙස ද මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.
ඩයගම ප්රදේශයේ පදිංචිව සිටි හිෂාලිනී ජූඩ් කුමාර් නමැති බාලවයස්කාර දැරියක සිරුරට ගිනි ඇවිළීමෙන් එසේ මියගොස් ඇති බවද අධිකරණයෙන් හෙළිවිය.
ඉහත සඳහන් පළමුවැනි සැකකරු වන පොන්නයියා පණ්ඩාරම් නමැත්තා එම දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත ප්රදේශයේ පිහිටි රිෂාඩ් බදියුදීන්ගේ නිවසට භාරදී ඇති බවත්, ඒ වන විට එම දැරිය 15 හැවිරිදි වියේ පසුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකළ බොරැල්ල පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.(දිවයින)
වසර කීපයක් එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඇයගේ සිරුරට 2021 ජූලි මස 3 වැනිදා ගිනි ඇවිළී ඇති බවත් පසුව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 15 දා මියගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට දැක්වූ වාර්තාවේ සඳහන් විණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මූලික විමර්ශන සිදු කළේය.
පසුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය එම විමර්ශන ඔවුන් භාරයට ගෙන තිබුණි.
ඒ අනුව විමර්ශන අංශ මෙම සිද්ධියට අදාළව 20 දෙනකුගෙන් පමණ ප්රකාශ සටහන් කරගෙන තිබූ අතර එම විමර්ශනවල ප්රතිඵලයක් වශයෙන් ඉහත සඳහන් විත්තිකරුවන් තිදෙනා ඇතුළු පස් දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart