
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන අප්‍රිකානු දේශගුණික සමුළුවට (Africa Climate Summit 2023) සහභාගී වීම සඳහා එහි ගොස් සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඊජිප්තු අගමැති මුස්තාපා මැඩිබොව්ලි (Mostafa Madbouly) හමුවී සාකච්ඡා කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා මෙම සමුළුවට එක්ව සිටියි.
ඊජිප්තු අගමැතිවරයා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා අතර පැවති හමුවේ දී දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ හැකියාව පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්කර ඇත.
එසේම දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද හෙතෙම මෙහිදි ඊජිප්තු අගමැතිවරයා දැනුවත් කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනා කනනාතන්ද මෙම අවස්ථාවට එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart