
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
(සේයාරුව – ‘අද’ පුවත්පතට අවන්ත ආටිගල ඇඳි කාටූනය)
වැල් පාලමින් එතෙරවීමෙන් අනතුරුව වංකගිරියක් හරහාද ගමන් කිරීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශ අතරතුරදීය.
ආණ්ඩුව ජනතාව මත බදු පැනවූයේ කැමැත්තකින් නොවන බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
හෙතෙම එහිදී මෙසේද සඳහන් කළේය.
“වැල් පාලමෙන් එගොඩ වුණත් මෙතැනින් එහාට තියෙන්නේ වංකගිරියක්. හරි පාරේ ගියේ නැත්නම් අපි අතරමං වෙනවා. වල්මත් වෙනවා. මේ ගමනේ දී වැට් බද්ද ඇතුළු බදු නිසා සමාජයේ එක් කණ්ඩායමක් අසීරුතාවයට පත්වෙලා ඉන්න බව අපි දන්නවා. අපි බදු පැනවුයේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ඒ හැර වෙනත් මඟක් අපිට තිබුණේ නෑ. IMF කොන්දේසිවලට යටත් වෙනවා නම්, රටක් පාලනය කරන්න ආණ්ඩුවක් මොකටද කියලා සමහරු තර්ක කරනවා. බලයට ආවහම IMF එකට තමන් කොන්දේසි දාන බවට ඔවුන් වහසිබස් දොඩවනවා. ඇත්තටම මේවා බොළඳ කතා. මෙවැනි කතා කියන්න පුළුවන් වෙන්නේ ආර්ථිකය ගැන මොන්ටිසෝරි දැනුමක් තියෙන අයට. මතක තියා ගන්න අපිට IMF කොන්දේසිවලින් ඉවත් වන්න පුළුවන් වන්නේ, මේ කොන්දේසි යටතේ මේ මාර්ගයේ ඉදිරියට ගොස් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගත්තොත් විතරයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart