
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසරේදී ආහාර සඳහා රුපියල් බිලියන 1.2ක් වැය කර ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) අනාවරණය කළේය.
විගණකාධිපතිවරයා කමිටුවට පැවසුවේ අධිකාරිය කෙටි කෑම(Snacks) සඳහා පමණක් රුපියල් මිලියන 498ක් වැය කර තිබෙන බවයි.
වරාය අධිකාරියේ අතිරික්ත සේවකයන් 914 දෙනකු සිටින බවත්, අතිරික්ත සේවකයන් තිබියදී සේවකයන්ට අතිකාල දීමනා ලබාදී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
අතිරික්ත සේවක සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කෝප් කමිටුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.
2016 සිට 2021 දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපයාගත් ලාභයෙන් රුපියල් මිලියන 4.975ක් ඒකාබද්ධ අරමුදලට බැර නොකිරීම සම්බන්ධයෙන්ද කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මාස දෙකක් ඇතුළත මෙම මුදල ගෙවීමට කටයුතු කරන බව එහි සිටි නිලධාරීහු ප්‍රකාශ කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart