
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා 2027 වසර වෙනුවෙන් රුපියල් මිලියන 500 ක ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක යෝජනා කර තිබේ.
පූජා නගරයේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරමින් වන්දනාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ කසළ කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මෙමගින් සැලසුම් කර ඇත.
2027 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය නියෝජනය කරන ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, ආගමික හා සංස්කෘතික උරුමයන් රැසක් ඒකරාශී වී ඇති අනුරාධපුරය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අතිශය වැදගත් ස්ථානයක් බවයි.
අනාගත පරපුර වෙනුවෙන් නගරයේ පුරාවිද්‍යාත්මක හා ආගමික වටිනාකම් සුරක්ෂිත කරන අතරතුර බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම කෙරෙහි මෙම සංවර්ධන වැඩසටහන මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ. මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සහ ඊට මගපෙන්වීම සඳහා අටමස්ථානාධිපති හිමියන්ගේ (වැඩබලන) සම-සභාපතිත්වයෙන් යුත් උපදේශක සභාවක් දැනටමත් පිහිටුවා තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම සමස්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.2 ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2027 වසරේ කටයුතු වෙනුවෙන් දැනටමත් රුපියල් බිලියන 1.076 ක මුදලක් වෙන් කර ඇත. ඊට අමතරව 2027 අයවැය මගින් මෙම රුපියල් මිලියන 500 ක ප්‍රතිපාදන යෝජනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart