
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2027 අයවැය යටතේ වැටුප් වැඩිවීම්, දීමනා ඉහළ නැංවීම් සහ අතිරේක විශ්‍රාම වැටුප් ප්රතිලාභ ඇතුළු රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා සහන පියවර කිහිපයක් රජය යෝජනා කර තිබේ.
2025 වසරේදී හඳුන්වාදුන් රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනය කළේය.
අයවැය මගින් යෝජනා කර ඇති සෙසු ප්රතිලාභ පහත පරිදි වේ:
වෛද්‍යවරුන්: DAT දීමනාව රුපියල් 70,000 සිට රුපියල් 95,000 දක්වා ඉහළට
හෙද හා පරිපූරක වෛද්‍ය කාර්ය මණ්ඩල: විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට රුපියල් 12,000 දක්වා දෙගුණ කෙරේ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්: මාසික අධ්‍යයන දීමනාව රුපියල් 25,000කින් ඉහළට
පොලිස් නිලධාරීන්: මාසිකව රුපියල් 10,000ක අතිරේක ආහාර සහ නවාතැන් දීමනාවක් ලබා දේ
බන්ධනාගාර නිලධාරීන්: අවදානම් දීමනාව රුපියල් 8,000 සිට රුපියල් 16,000 දක්වා දෙගුණ කෙරේ
ග්‍රාම නිලධාරීන්: ගමන් දීමනාව රුපියල් 1,600 සිට රුපියල් 4,000 දක්වා ඉහළට
විධායක නිලධාරීන්: ප්‍රවාහන දීමනාව රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා දෙගුණ කර තිබේ.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්: දෛනික ආහාර දීමනා ඉහළ නැංවේ
විශ්‍රාමිකයන්: 2020 සහ 2024 අතර කාලය තුළ විශ්‍රාම ගිය අය සඳහා මාසිකව රුපියල් 2,500ක අතිරේක අන්තර්කාලීන දීමනාවක් හිමිවේ.
මෙම දීමනා වැඩිවීම්වලින් බොහොමයක් 2027 අප්‍රේල් හෝ ජූලි මාසවලදී ක්‍රියාත්මක වන අතර, ඇතැම් වැඩිවීම් අදියර දෙකකින් ක්‍රියාත්මක කර ඉතිරි කොටස 2028 වසරේදී ගෙවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart