November 12, 2026

රාජ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු සඳහා මේ වන විට 40,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමේ කටයුතු අවසන් කර ඇති අතර, රාජ්‍ය සේවයට තවත් සේවකයින් 110,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

2027 අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, රාජ්‍ය අංශයේ සේවක අවශ්‍යතා පිළිබඳ සමාලෝචනයකින් අනතුරුව සමස්ත පුරප්පාඩු 148,940ක් සඳහා බඳවා ගැනීම් කිරීමට අනුමැතිය ලබා දී ඇති බවයි.

අනුමත කරන ලද එම පුරප්පාඩු අතරින් මේ වන විට 40,000කට ආසන්න බඳවා ගැනීම් අවසන් කර ඇති අතර, ඉතිරි සේවකයින් 110,000 බඳවා ගැනීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරේ.

කාර්යක්ෂම හා ගුණාත්මක රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යාම සඳහා රාජ්‍ය ආයතනවල මානව සම්පත ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.