
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2027 අයවැය යෝජනා යටතේ වෛද්‍ය නිලධාරීන් සඳහා මාසිකව ගෙවනු ලබන DAT දීමනාව රුපියල් 70,000 සිට රුපියල් 95,000 දක්වා රුපියල් 25,000කින් ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක යෝජනා කර තිබේ.
අද පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සහ ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් වෛද්‍ය නිලධාරීන් ඉටු කරන වැදගත් කාර්යභාරය ඇගයීමට ලක් කරමින් මෙම වැඩි කිරීම සිදු කරන බවයි.
මේ අතර, හෙද නිලධාරීන්ට සහ අතුරු වෛද්‍ය හා පරිපූරක වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ට මාසිකව ගෙවනු ලබන විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට රුපියල් 12,000 දක්වා දෙගුණ කිරීමට ද රජය යෝජනා කර ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු සේවකයින් සඳහා වන මාසික විශේෂ රාජකාරි දීමනාව ද රුපියල් 2,000 සිට රුපියල් 4,000 දක්වා ඉහළ නැංවේ.
දීමනා වැඩි කිරීම අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරේ
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සඳහා යෝජිත මෙම දීමනා වැඩි කිරීම් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, යෝජිත වැඩි කිරීම්වලින් 50%ක් 2027 ජූලි මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි 50%ක ප්‍රමාණය 2028 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සෞඛ්‍ය සේවකයින්ගේ දායකත්වය ඇගයීමට ලක් කිරීමට සහ ජාතික සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය ගන්නා උත්සාහයේ කොටසක් ලෙස මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart