November 30, 2024

පළාත් පාලන මැතිවරණය සඳහා 2022 වසරේදී කැඳවන ලද නාමයෝජනා අහෝසි කර දැමීමට පසුගිය සඳුදා සවස පැවති පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සියලු පක්ෂ නායකයන් තීරණය කර ඇත.

එකී නාමයෝජනා අහෝසි කොට අලුතින් නාමයෝජනා කැඳවීමට සියලුම පක්ෂ නායකයන් මෙහිදී එකඟ වී තිබේ.

සභානායක බිමල් රත්නායක, සෙසු පක්ෂ නායකයන් වන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, එම්. ශ්‍රීධරන්, රවුෆ් හකීම්, රවි කරුණානායක සහ කතානායක ආචාර්ය අශෝක රන්වල, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය යන පිරිසද මෙම පක්ෂ නායක හමුව නියෝජනය කළහ.

ඒ අනුව 2022 වසරේදී පළාත් පාලන ඡන්දය සඳහා කැඳවන ලද නාමයෝජනා අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙනඒමට නියමිතය.

ඒ අතර වාර්තා වූයේ 2022 වසරේදී පළාත් පාලන ඡන්දය සඳහා කැඳවන ලද නාමයෝජනා ලැයිස්තුවල සිටි නියෝජිතයන් 41 දෙනකු මෙවර මැතිසබයට ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පත්ව සිටින බවය.

එසේම 2022 වසරේ ඡන්ද ලැයිස්තුව භාවිත කර එම ඡන්දය පැවැත්වුවහොත් ඉන් පසුව ලියාපදිංචි වූ ඡන්දදායකයන් ලක්ෂ 4 කට පමණ බලවත් අසාධාරණයක් සිදුවන බවද මෙහිදී අවධාරණය කර ඇත.(දේශය)

42.31%
17.27%
32.76%