
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටස් වෙළෙඳපොළට අහිතකර ලෙස බලපාන ආකාරයෙන් ඇතැම් පුද්ගලයන් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තොරතුරු අනාවරණය කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සම්බන්ධයෙ ඇතැම් පුද්ගලයන් සිදුකරන ප්‍රකාශ කොටස් වෙළෙඳපොළ අස්ථාවරත්වයට හේතු වන බව ඔහු සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ තෙල්දෙණිය නව අධිකරණ සංකීරණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.
“ආර්ථික පරිවර්තන නීතියේ මුලික පදනම ඇති කිරීමෙන් පසු ඊළග නීති ටික ගෙන ඒමටද අපේක්ෂා කරනවා. අප මේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවයි. ඒ වගේම මේ පිළිබඳ පුද්ගලික ණයකරුවන් සමඟ පවත්වන සාකච්ඡාද සාර්ථකව සිදු වෙනවා.
ඇතැමුන් මෙම සාකච්ඡා අසාර්ථක බව කියනවා. ඒ වගේම තවත් අය කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. මෙවන් ප්‍රකාශ සිදුකළ විට ඊළඟ දවසේ කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙනවා. එවිට ඔවුන් කොටස් මිලදී ගන්නවා. එවන් තීරණයක් ගෙන නොමැති බවට ආණ්ඩුව ප්‍රකාශ කළ විට නැවත ඔවුන් වේදිකාවට නැගලා එයම ප්‍රකාශ කරනවා. මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි.
ඒ වගේම දුෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් මේ පිළිබඳ අප සමඟ සාකච්ඡා කළා. අපි ඒ වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කළා. ඊට සංශෝධන එක් කර, එකඟතාව ප්‍රකාශ කිරීමෙන් පසු දැන් එම නව නීති ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා වන ප්‍රධාන නීති 04ක් තිබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart