
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වන යුද උණුසුම මධ්‍යයේ පාකිස්තානය ඉන්දියාවේ ජම්මු වෙත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ ජම්මු ප්‍රාන්තයේ චන්නි ප්‍රදේශයෙන් පිපිරීම් ශබ්ද ඇසුනු බව සහ ගිනි ගැනීම් වාර්තා වන බවයි.
ඉන් අනතුරුව නගරයේ විදුලිය විසන්ධි වීමක් ද වාර්තා වී තිබේ.
එපමණක් නොව, ජම්මු සහ කාශ්මීරයේ අක්නූර් ප්‍රදේශයේ ගුවන් ප්‍රහාර සයිරන් හඬ ඇසෙන බව ද පැවසේ.
ජම්මු කොට්ඨාශයේ කිෂ්ත්වාර් හි සම්පූර්ණයෙන් විදුලිය විසන්ධි කර ඇති අතර දිස්ත්‍රික්කය පුරා සයිරන් හඬ ඇසෙමින් තිබේ.
උදම්පූර්, ජම්මු, අක්නූර් සහ පතන්කෝට් ඉලක්ක කර පකිස්තානය කාලතුවක්කු සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන් කිහිපයක් ඉන්දීය හමුදාව ප්‍රහාර එල්ල කර ව්‍යාර්ථ කර ඇතැයි ද සඳහන්.
තවද, පිපිරීම් වලින් පසු ජම්මු ප්‍රදේශයේ ජංගම දුරකථන සම්බන්ධතාද අඩාල වී ඇත.
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයෙන් ඝෝෂාකාරී පිපිරුම්, බෝම්බ හෙලීම, ෂෙල් ප්‍රහාර හෝ මිසයිල ප්‍රහාර එල්ල වෙමින් ඇති බවට ද ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart