
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුප්‍රකට සුපිරි අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් හි සැකසූ බර්ගර් එකක් ආහාරයට ගැනීම හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයන් පිරිසක් රෝගී වී ඇතැයි එරට රෝග පාලනය සහ වැළැක්වමේ මධ්‍යස්ථානය පවසයි.
බරපතල උදරාබාධ ඇතිකළ හැකි බැක්ටීරියා වර්ගයක් වන E. coli, McDonald’s Quarter Pounder බර්ගර් එකක තිබී සොයාගෙන ඇති බව අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය.
මේ වන විට, එම මධ්‍යස්ථානය මගින් අමෙරිකාවේ ප්‍රාන්ත 10 කින් රෝගීන් 49 ක් වාර්තා කර ඇත.
ඒ අතරින් රෝගීන් 10 දෙනකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙකු මියගොස් තිබේ.
අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව බොහෝ සිද්ධීන් වාර්තා වී ඇත්තේ බටහිර සහ මධ්‍යම ප්‍රාන්තවලින් වේ.
එම මධ්‍යස්ථානය නිකුත් කළ ප්‍රකාශයකට අනුව, රෝග ව්‍යාප්තියට හේතු වූ අමුද්‍රව්‍ය තීරණය කිරීමට ක්ෂණික ආහාර අවන්හල විමර්ශකයින් සමඟ කටයුතු කරයි.
“කිනම් නිශ්චිත ආහාර ද්‍රව්‍යයක් අපවිත්‍ර වී ඇත්දැයි තවමත් නොදනී,” අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
මැක්ඩොනල්ඩ්ස් දැනටමත් ප්‍රාන්ත කිහිපයක නැවුම් පෙති කපන ලද ළූණු සහ ගව මස් භාවිතය නතර කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart