
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Muthoot සමූහයට අයත් Muthoot Finance Limited හි අනුබද්ධ සමාගමක් වන Asia Asset Finance PLC (AAF), 2026 සැප්තැම්බර් 30 වැනි දිනෙන් අවසන් වූ මාස හයක කාලසීමාව සඳහා රුපියල් මිලියන 838.5ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත්ව තිබේ. පසුගිය වසරේ අනුරූප කාලසීමාව තුළ සමාගම වාර්තා කළ රුපියල් මිලියන 400ක බදු පසු ලාභයට සාපේක්ෂව මෙය 110%ක සැලකිය යුතු වර්ධනයකි.
මෙම මාස හයක කාලසීමාව තුළ සමාගමේ බදු පෙර ලාභය රුපියල් බිලියන 1.62ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 140%ක වර්ධනයකි. මේ අතර, පොලී ආදායම 75%කින් වර්ධනය වී රුපියල් බිලියන 6.86ක් ලෙස වාර්තා වූ අතර, ශුද්ධ පොලී ආදායම ද 92%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.78ක් ලෙස සටහන් විය. එමෙන්ම, සමාගමේ වාර්ෂිකකරණය කළ හිමිකම් මත ප්රතිලාභ අනුපාතය (ROE) 28.5%ක් ලෙස වාර්තා වී තිබේ.
මෙම ප්‍රතිඵල පිළිබඳ අදහස් දක්වමින් Asia Asset Finance PLC හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන මෙසේ පැවසීය.
“සැලසුම් සහගතව පිරිවැය පාලනය කිරීම සහ ඩිජිටල්කරණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් අපගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වී තිබෙනවා. ඒ වගේම, වැඩි ප්රතිලාභ ලබාදෙන ගුණාත්මක වත්කම් සඳහා මූල්‍ය සම්පත් නිසි ලෙස යොමු කිරීමෙන් සමාගමේ ලාභදායීත්වය තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ Muthoot සමූහයේ සහයෝගය සමඟ වගකීම් සහගත වර්ධනයක් අත්කර ගනිමින්, ගනුදෙනුකරුවන්ට සහ කොටස් හිමියන්ට දිගුකාලීන වටිනාකමක් ලබාදීමට අපි කැපවී සිටිනවා.”
AAF සමාගමේ සමස්ත වත්කම් ප්රිමාණය 2026 සැප්තැම්බර් 30 වන විට රුපියල් බිලියන 66.63ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය 2026 මාර්තු 31 වැනි දිනට සාපේක්ෂව 24%ක ඉහළ යාමක් පෙන්නුම් කරයි. මේ අතර, සුරක්ෂිත ණය පහසුකම් සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් සමාගමේ ශුද්ධ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 51.88ක් ලෙස සටහන් වී තිබේ. සමස්ත ණය කොටසෙන් 73%කට ආසන්න ප්‍රමාණයක් රන් ණය පහසුකම්වලින් සමන්විත වීම ද මෙහිදී කැපී පෙනේ.
ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පිළිබිඹු කරමින්, මාස හයක කාලසීමාව තුළ AAF සමාගමේ තැන්පතු 37%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35.51ක් ලෙස වාර්තා විය. මේ අතර, කොටස් හිමියන්ගේ අරමුදල් 47%කින් වර්ධනය වී රුපියල් බිලියන 7.01ක් දක්වා ඉහළ ගොස් තිබේ. රුපියල් බිලියන 1.50ක සාර්ථක හිමිකම් නිකුතුව සහ රඳවාගත් ඉපැයීම් මෙම වර්ධනයට දායක වී ඇත.
සමාගමේ වත්කම්වල ගුණාත්මකභාවය පසුගිය වසරට සාපේක්ෂව වැඩිදියුණු වී ඇති අතර, පසුගිය වසරේ 9.4%ක් ලෙස පැවැති දළ අක්‍රීය ණය අනුපාතය (Gross Stage 3 Ratio) 7.6% දක්වා අඩු වී ඇත. මෙම ප්‍රගතිය, ණය කොටසේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සහ අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා සමාගම අඛණ්ඩව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය පිළිබිඹු කරයි.
AAF සමාගම දිවයින පුරා පිහිටි සිය ශාඛා 125ක ජාලය ඔස්සේ ජනතාවට මූල්‍යම සේවා ලබාගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කරමින් සිටී. සමාගමේ සක්‍රීය ගනුදෙනුකරුවන්ගෙන් 56.6%ක් කාන්තාවන් වන අතර, මෙමගින් මූල්‍ය සේවා සඳහා කාන්තාවන්ගේ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ ආර්ථික සවිබල ගැන්වීම සඳහා සමාගම ලබාදෙන ප්‍රමුඛත්වය පෙන්නුම් කරයි.
වසර 55කට අධික ඉතිහාසයක් ඇති Asia Asset Finance PLC සමාගම, Fitch Ratings වෙතින් ස්ථාවර ඉදිරි දැක්මක් (Stable Outlook) සහිත A+(lka) ණය ශ්‍රේණිගත කිරීමක් හිමිකරගෙන තිබේ. සුරක්ෂිත ණය කොටස් ව්‍යාප්ත කිරීම සහ ඩිජිටල් හැකියාවන් වැඩිදියුණු කිරීම තුළින් ගනුදෙනුකරුවන්ට, කොටස් හිමියන්ට සහ ශ්‍රී ලංකා ආර්ථිකයට දිගුකාලීන තිරසර වටිනාකමක් ලබාදීම සමාගමේ අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart