
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික අනන්‍යතාව සහ රට කෙරෙහි ඇති බැඳීම ප්‍රබලව පැවතියද, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අවස්ථාවක් ලැබුණහොත් රට හැරයෑමට කැමැත්තෙන් සිටින බව දීපව්‍යාප්ත සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ආර්ථික දුෂ්කරතා, සීමිත රැකියා අවස්ථා සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව හේතුවෙන් ඔවුන් තුළ වර්ධනය වන කලකිරීම මෙමගින් ඉස්මතු වේ.
සියවස් ව්‍යාපාරය (Centenary Movement) සමඟ එක්ව Global Unites South Asia විසින් සිදුකරන ලද “My Sri Lanka | Next” අධ්‍යයනයේ සොයාගැනීම්වලට අනුව, ශ්‍රී ලංකාව කෙරෙහි තරුණ ප්‍රජාව තුළ ඇති චිත්තවේගීය බැඳීම සහ මෙරට තුළ අනාගතයක් ගොඩනගා ගැනීමට ඔවුන් තුළ ඇති විශ්වාසය අතර පරතරය පුළුල් වෙමින් පවතින බව හෙළි වී ඇත.
‘Gen Z’ (ඉසෙඩ් පරම්පරාව) සහ තරුණ ‘මිලේනියල්’ (Millennials) පරම්පරාවේ ගැටලු සහ අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කරමින් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පුද්ගලයින් 2,418 දෙනකු සම්බන්ධ කර ගනිමින් සහ පළාත් මට්ටමේ උපදේශන සැසි 22 ක සහාය ඇතිව මෙම සමීක්ෂණය පවත්වා තිබේ.
එම සොයාගැනීම්වලට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80% ක් තමන් මූලික වශයෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස හඳුන්වා ගන්නා අතර, 73.7% ක් රට කෙරෙහි ප්‍රබල බැඳීමක් ඇති බව පවසා ඇත. කෙසේවෙතත්, ඔවුන්ගෙන් 49.1% ක් ප්‍රකාශ කර ඇත්තේ අවස්ථාවක් ලැබුණහොත් තමන් රට හැරයන බවයි.
‘Gen Z’ පරම්පරාවේ තරුණ තරුණියන් අතර විදේශගත වීමේ නැඹුරුව ඊටත් වඩා ඉහළ මට්ටමක පවතින අතර, එය 52.7% ක් දක්වා ළඟා වී තිබේ. විශේෂත්වය වන්නේ, රට කෙරෙහි ප්‍රබල බැඳීමක් ඇති බව ප්‍රකාශ කළ පිරිස අතරින් පවා 42.4% ක් රට හැරයෑමට කැමැත්ත පළකර තිබීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart