
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාධාරණ බදු ක්‍රමවේදයක් තහවුරු කිරීමේ අරමුණින් පුළුල් සමාලෝචනයකින් අනතුරුව කැසිනෝ බදු නීති සහ ගාස්තු යළි සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය තුන්වන අයවැය ඉදිරිපත් කරමින් මෙම සතියේදී යෝජනා කළේය.
රාජ්‍ය ආදායම ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, විශේෂයෙන්ම ද්විත්ව බදුකරණය අවසන් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
“ද්විත්ව බදුකරණය සහ පවතින නොගැළපීම් ඉවත් කිරීමටත්, ජාත්‍යන්තර යහපත් පිළිවෙත්වලට අනුකූලව බදු ව්‍යුහය පෙළගැස්වීමටත්, රජයේ ආදායම සුරක්ෂිත කරන අතරතුර කර්මාන්තයේ තිරසාර සංවර්ධනය තහවුරු කරමින් සාධාරණ හා සමබර ප්‍රවේශයක් ඇති කිරීමටත්” කැසිනෝ කර්මාන්තයේ බදු, ගාස්තු සහ අයකිරීම් පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට ඔහු යෝජනා කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාව ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු ලෙස රුපියල් බිලියන 10.241 ක ආදායමක් උපයා ඇත. කෙසේ වෙතත්, 2025 වසරේ සමස්ත බදු ආදායම වූ රුපියල් ට්‍රිලියන 3.22 සමඟ සැසඳීමේදී මෙය 0.32% ක සුළු ප්‍රතිශතයකි.
කැසිනෝ බදු ආදායම, සමස්ත ආදායමෙන් 0.70% ක් වූ රුපියල් බිලියන 22.452 ක් වන මුද්දර ගාස්තු ආදායමටත් වඩා අඩු අගයකි. කුලී හෝ බදු ගිවිසුම්වල (කුලී සින්නක්කර ගිවිසුම් හැර) සම්පූර්ණ කාලසීමාව සඳහා ගෙවිය යුතු සමස්ත මුදලේ සෑම රුපියල් 1,000 කටම හෝ ඉන් කොටසකටම අය කරන මුද්දර ගාස්තුව 2025 අප්‍රේල් 01 වැනිදා සිට රුපියල් 10 සිට රුපියල් 20 දක්වා ඉහළ නංවනු ලැබීය.
2025 දෙසැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකාව රටවල් 46 ක් සමඟ ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම් සහ සාර්ක් බහුපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබා තිබේ. 2004 වසරේ සිට හොංකොං සමඟද ශ්‍රී ලංකාවට ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමක් පවතී.
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, කුවේට්, ඕමානය, සෞදි අරාබිය, සිංගප්පූරුව, රුසියාව, එක්සත් රාජධානිය, තායිලන්තය, ෆින්ලන්තය, ජපානය, ඉතාලිය, ලක්සම්බර්ග් සහ චීනය යන රටවල්ද ශ්‍රී ලංකාව සමඟ මෙම ගිවිසුම්වලට එළඹ ඇති සෙසු රටවල් අතර වේ.
ද්විත්ව බදුකරණයේදී එකම ආදායමකට අධිකරණ බල ප්‍රදේශ කිහිපයකදී බදු අය කෙරෙන අතර, එමගින් දේශසීමා හරහා සිදුවන ගනුදෙනුවල පිරිවැය ඉහළ ගොස් රටවල් අතර ආර්ථික සහයෝගීතාවයට බාධාවක් එල්ල වේ.
මෙම බදු සමාලෝචනය මගින් “පරිපාලනය කිරීමට පහසු සහ බදු අනුකූලතාවයට පහසුකම් සලසන සරල, විනිවිද පෙනෙන සහ ඒකාබද්ධ බදු ව්‍යුහයක් ස්ථාපිත කිරීමට” උපකාරී වනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.
රටවල් අත්සන් තබන ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම් යනු පුද්ගලයෙකු පදිංචි රටේ සහ ආදායම උපයන රටේ යන දෙරටේම එකම ආදායම මත බදු අය කිරීම වැළැක්වීමට උපකාරී වන ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික ගිවිසුමකි.
මේ අතර, බදු ප්‍රතිපත්තිමය වෙනස්කම් හඳුන්වා දුන් 2025 අංක 25 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනතට කථානායකවරයා විසින් 2025 දෙසැම්බර් 17 වැනි දින සිය සහතිකය සටහන් කරනු ලැබීය.
එමගින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත සංශෝධනය කෙරිණි.
එම සංශෝධන යටතේ, මාසික දළ ආදායම රුපියල් මිලියනය ඉක්මවන කැසිනෝ ආයතන සඳහා අය කරන දළ ආදායම් බද්ද මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි 15% සිට 18% දක්වා ඉහළ නංවනු ලැබීය.
තවද, කැසිනෝ ඇතුළත් වීමේ ගාස්තුව අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ දැමිණි.
කැසිනෝ නියාමන රෙගුලාසි තවමත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඒවා ප්‍රකාශයට පත් කිරීම බොහෝ සෙයින් ප්‍රමාද වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart