November 16, 2026

ශ්‍රී ලංකා පොලි­සියේ නව නිල ඇඳුම කැනඩා පොලී­සියේ නිල ඇඳු­මට බොහෝ සෙයින් සමාන වනු ඇතැයි පොලිස් අභ්‍ය­න්තර ආරං­චි­මාර්ග උපුටා දක්වමින් ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාව වැඩිදුරටත් මෙසේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක 2027 වසරේ අය-වැය යෝජනා ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කළේ 2027 වසරේ ජූනි මාස­යේදී ශ්‍රී ලංකා පොලිස් නිල­ධා­රීන් සඳහා නවීන තාක්ෂ­ණික උප­ක­ර­ණ­ව­ලින් සම­න්විත නව නිල ඇඳු­මක් හඳුන්වා දෙන බවය. මෙම නව නිල ඇඳුම මෙරට දේශ­ගු­ණික තත්ත්ව­යන්ට ගැළ­පෙන පරිදි නිර්මා­ණය කිරී­මට යෝජනා වී ඇති බව ද එහිදී සඳ­හන් විය.

ශ්‍රී ලංකා පොලි­සිය දැනට සිය නිල ඇඳුම ලෙස භාවිත කරනු ලබන්නේ යට­ත්වි­ජිත සම­යේදී හඳුන්වා දුන් කාකි නිල ඇඳු­මයි. එහි කාකි කමි­සය කලි­සම් රෙද්දෙන් නිමවා තිබේ. කලි­සම් රෙද්දෙන් මැසූ එම කමි­සය මෙරට දේශ­ගු­ණික තත්ත්වය ද සැල­කී­මේදී පොලිස් නිල­ධා­රීන් දැඩි ශාරී­රික අප­හ­සු­තා­වන්ට ලක්ක­ර­න්නක් බවට කතා­බ­හක් පව­තින්නේ කලක සිටය. එබැ­වින් නව නිල ඇඳු­මක අව­ශ්‍ය­තාව පැව­ති­යත් එය හුදෙක් කතා­බ­හ­කට පම­ණක් මෙතෙක් සීමා වී තිබිණි.

මේ වන විට එම නව නිල ඇඳුම යථා­ර්ථ­යක් බවට පත්වෙ­මින් ඇති අතර, එය තව­දු­ර­ටත් තහ­වුරු වන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අය-වැය කතා­වෙනි.

“පොලි­සියේ නිල ඇඳුම වෙනස් කිරී­මට බලය තියෙන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යා­ටයි. ඒ කට­යුත්ත දැන් සිදු­වෙ­මින් තිබෙ­නවා” යැයි පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා ‘දින­මිණ’ කළ විම­සු­ම­කදී පවසා ඇත.

නිල ඇඳු­මට සුදුසු වර්ණ කිහි­ප­යක් සාක­ච්ඡා­වට ලක්වූ­වත් කැනඩා පොලි­සිය භාවිත කරන අළු පැහැති කමි­සය සහ නිල් පැහැති කලි­සම කෙරෙහි මේ වන විට වැඩි අව­ධා­න­යක් යොමුව ඇති බව ද පොලි­ස්ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.