November 16, 2026

ප්‍රකට සංගීතවේදී කීර්ති පාස්කුවල් හෘදයාබාධයකට ලක්ව ඇති බවට සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරමින්, තමා නිරෝගීව සහ සුවෙන් සිටින බව රසිකයන්ට තහවුරු කර තිබේ.

“මම නිරෝගීව සහ සුවෙන් ඉන්නවා. සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා විශ්වාස කරන්න එපා,” යැයි ඔහු ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.