
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැළියෙන් පසු සෙසු දේශපාලන පක්ෂ ද රට පුරා මහජන රැළි පවත්වමින් දේශපාලන ප්රචාරක වැඩපිළිවෙළ වේගවත් කිරීමට තීරණය කර ඇත.
මේ අනුව සමග ජන බලවේගය ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව පුළුල් ප්රචාරක වැඩසටහනක් ජනවාරියේ අරඹන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැවසීය.
එසේම ඒකාබද්ධ විපක්ෂයේ රැළිය මෙන් ප්‍රධාන රැළියක් ද නුදුරේදීම සංවිධාන කිරීමට එම පක්ෂය බලාපොරොත්තුවේ.
මෙම ප්රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ප්‍රතිපාදන සොයා ගැනීමේ කටයුතු ද ආරම්භ කළ බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැළියට ජනතාව කොපමණ සහභාගී වූයේද යන්න ගැන රජයේ බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම විමර්ශන කණ්ඩායම ඒ පිළිබඳව රජයට ඉදිරි දිනවල වාර්තාවක් භාරදීමට නියමිතය.
නුගේගොඩ රැළිය සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසුවේ එම රැලිය රජයේ වැඩපිළිවෙළට කිසිදු අභියෝගයක් නොවෙන බවයි.
දූෂණයෙන් වංචාවෙන් තොර ආණ්ඩුවේ අවංක දේශපාලන ගමනට සැබෑ දේශප්‍රේමී ජනතාවගේ සහාය දිගටම පවතින බවත් චෞර වළල්ලකට රට භාරදීමට මේ රටේ ජනතාව නැවත කිසිසේත්ම සූදානම් නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart