September 3, 2026

මුදල් වංචා සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ වැඩිමහල් පුත්‍රයා එළඹෙන සැප්තැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සිදුව ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී තිබේ.