
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 23ක් ඉතා අමාරුවෙන් ඇතිදැඩි කළ තුන් නිවුන් දියණියන් තිදෙනා එකම දිනයක එකම පෝරුවක තබා සරණ පාවාදීමට සුජිත් නිශාන්ත නම් පියාට හැකිවිය. පසුගියදා එකට හැදුණු ගැහැණු සහෝදරියන් තම ජීවන ගමන අලුතින් ආරම්භ කළේ දකුණු පළාතේ තරුණයන් තිදෙනකු සමඟය.දිලුම් වින්ද්‍යා,ගෙයුමි තිසාරා සහ විද්මි හංසා මෙසේ පසුගිය 10 වැනි දින විවාහ වු දියණියෝ වෙති. මේ නිවුන් සෙහොයුරියන් හා විවාහ වුයේ විරකැටිය ප්‍රදේශයේ හර්ෂ මාදුෂන්,රන්න නෙටෝල්පිටිය පදිංචි ගලප්පත්ති වඩුගේ ප්‍රේමචන්ද්‍ර සහ ලුණුගම්වෙහෙර වික්‍රමසිංහ සිංහආරච්චිගේ කසුන් යන අයයි.
දියණියන්ගේ විවාහය දින කීපයක් පුරා 02 වැනි දින උත්සව වෙත සහභාගී වෙමින් වෙහෙසට පත්ව සිටි සුජිත් නිශාන්ත සඳහන් කළේ මෙවැන්නකි.”මගේ දුලා තිදෙනා එකටමයි හිටියේ. කතරගම ජාතික පාසලට ගියේත් එකටමයි.
නිසි කලට අපි ඉතාම හොඳ පුතාලා තිදෙනෙක් සොයාගෙන දරුවන්ගේ ද කැමැත්ත පරිදි විවාහ කර දුන්නා. මටත් මගේ නෝනාටත් හරිම සතුටුයි.මේ තුන්දෙනා එකම දිනයක විවාහය කරදීමට පුළුවන් වීම ගැන. මව වන පී.එම්.කේ.ඉන්ද්‍රානි මහත්මිය පැවසුවේ වසර 23ක් ඇහැක් වගේ හදලා උස් මහත් කළ දරුවෝ බන්දලා දීම සතුටක් වගේම දුකකුත් තිබෙන බවයි.දුලා නැතිව ගෙදර පාළු වේවි.
දරුවන් හැමදාම අපේ ළඟ තියාගන්න බෑනේ.මඟුල් ගෙදර තිබුණේ 10වැනිදා.මට මඟුල් තුනකට යන්න වුණා.ලබන 15වැනිදා තමයි රන්න පැත්තේ දුවගේ 2 වැනි දිනය ඉන්ද්‍රානි මහත්මිය සඳහන් කළාය.මනාලයන් සඳහන් කළේ මේ මඟුල විශේෂිත වු එකක් බවයි.එකම දිනක උපන් සහෝදරියන් එකම දවසේ විවාහවීමත් වාසනාවක් කියලා හිතෙනවා” යැයිද ඔවුහු පැවසූහ.(දිනමිණ)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart