
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව තුළ අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ උත්සාහයන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා රජයට ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත මෙම වාර්තා පදනම් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ, ඇතැම් ආගමික ක්‍රියාකාරකම් සිදුකරන ස්ථාන නිරීක්ෂණය කිරීමේදී විශේෂයෙන්ම ළමුන් අන්තවාදී මතවාදවලට යොමුකර ඇති බව අනාවරණ වී ඇති බවයි.
මෙම අන්තවාදී මතවාදයන් ඉස්ලාමයේ ඉගැන්වීම්වලට පටහැනි බව ද ඔහු පවසයි.
“මෙවැනි ක්‍රියාකාරකම් බොහොමයක් කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශය ක්‍රියාකාරකම් අධීක්ෂණය තීව්‍ර කර තිබෙනවා. නැවත රට තුළ අන්තවාදය, ජාතිවාදය පැතිරවීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න අංකුරෙන්ම නැති කරන්න අපි කටයුතු කරනවා.” යනුවෙන් ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
මේ අතර, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරකයන්ට එල්ල විය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ලැබීමෙන් පසු හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට පැවසීය.
බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රජය වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, ඉදිරියේදීද එලෙස කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.
(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart