
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා තිබූ විශාල පිළිගැනීම නිසා බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පෙන්වා දුන්නේ, අද එහි ගෞරවය ලබාගැනීමට වත්මන් ආණ්ඩුව බලා සිටින බවයි.
ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියේ විදේශ ඇමැතිවරයාගේ ආරාධනයකට අනුව බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
“උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ. ඔහු ඒ දිනවල ඉරාන රජයෙන් විශාල පිළිගැනීමක් ලැබුවා. ඒ නිසා තමයි ලංකාවට ව්‍යාපෘතිය ලබාදුන්නේ. ඔබ(ආණ්ඩුව) දැන් එහි ලකුණු ලබා ගැනීමට උත්සාහ කරනවා ”ඔහු පැවැසීය.
“විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා මීට දින දෙකකට පෙර පාර්ලිමේන්තු විවාදයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය ගැන උදම් අනමින් සිටියා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව ඊශ්‍රායල සහ පලස්තීනුවන් තුලනය කර ඇති බවයි. අපි ඉරාන ජනාධිපතිතුමාව මෙහෙට ගෙන්නලා අපේ නාවික හමුදාවත් රතු මුහුදට යැව්වා. මොන නින්දාවක් ද! මෙය අපේ විදේශ ප්‍රතිපත්තියේ විශාලතම ජයග්‍රහණයක් බව ඔබ පසුගිය දිනක ප්‍රකාශ කළා. ඔබේ ජනාධිපතිතුමා මොකද කරන්නේ? ඔහු ප්‍රශනය ඇතිකරලා ඔහුම එය විසඳන බව කියනවා. අපි එක්සත් ජනපදයේ වහලුන් බවට පත්වෙලා.” හකීම් පැවැසීය.
ඊට පිළිතුරැ දෙමින් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය ප්‍රකාශ කළේ, හකීම් මන්ත්‍රීවරයාගේ ආකල්පය ගැන කණගාටු වන බවත්, ශ්‍රී ලංකාවේ සාර්ථක විදේශ ප්‍රතිපත්තිය සහ සියලු රටවල් ජනාධිපතිවරයා සමඟ පවත්වන සබඳතා පිළිබඳව හකීම් අතිශයින් ඊර්ෂ්‍යා කරන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart