
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වී සිටී.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන්, ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස් රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක මහත්වරු විසින් ත්‍රිකුණාමලය ගුවන් තොටුපළේදී නිර්මලා සීතා රාමන් මහත්මිය පිළිගනු ලැබීය.
ආණ්ඩුකාර කාර්යාලය පැවසුවේ නිර්මලා සීතා රාමන් මහත්මිය අද දින (නොවැම්බර් 02) ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම් කෝවිලේ පූජාවන් සඳහා සහභාගී වන අතර තවත් වැදගත් අවස්ථා රැසකට සහභාගී වන බවයි.
ඉන්දීය මුදල් අමාත්‍යවරිය ත්රිකුමාලයේ මෑතකදී විවෘත කළ ඉන්දීය රාජ්‍ය බැංකු ශාඛාවට (SBI) පැමිණීමට නියමිත අතර ලංකා ඉන්දියානු ඔයිල් සමාගම් (LIOC) පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart