
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල දින දර්ශනයට අනුව එහි විධායක මණ්ඩලය සිකුරාදා (19) රැස්වී කඩිනම් මූල්‍යකරණ ලේඛනය යටතේ වන විශේෂ හිමිකම් පෑම මගින් මිලියන 150.5ක (ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200) හදිසි මූල්‍ය ආධාර සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සමාලෝචනය කිරීමට නියමිතය.
පසුගිය මාසයේ දී මෙරට ප්‍රදේශ රැසකට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසුව ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම කරන ලදී.
මෙම මස මුලදී, ශ්‍රී ලංකා බලධාරීන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කෝටාවෙන් සියයට 26කට පමණ සමාන ආධාර ලබාදෙන ලෙස විධිමත්ව ඉල්ලා ඇති බවත්, ඉල්ලීම විධායක මණ්ඩල අනුමැතියට යටත් වන බවත් සඳහන් කරමින්, ශ්‍රී ලංකාව සඳහා වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මෙහෙවර ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පැවසීය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල දෙසැම්බර් 5 වැනිදා නිකුත් කරන ලද නිවේදනයකින් සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ ජනතාවට සිය අනුකම්පාව පළ කළ අතර යථා තත්ත්වයට පත්වන කාලය තුළ බලධාරීන් සමඟ අරමුදලේ සමීප සම්බන්ධතාව නැවත තහවුරු කළේය.
ස්වාභාවික ව්‍යසනයෙන් ඇති වූ ආර්ථික හා සමාජීය බලපෑමට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව හදිසි පියවර ගන්නා බැවින්, යථා තත්ත්වයට පත්වීම, නැවත ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය දැක්වීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කැපවී සිටින බව ද පැවසීය.
සුළි කුණාටුව ආශ්‍රිතව පැන නගින ක්ෂණික ගෙවුම් ශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය හදිසි මූල්‍යකරණය වෙනුවෙන් කඩිනම් මූල්‍යකරණ ලේඛනය අනුමත කිරීම මඟින් ශ්‍රී ලංකාවට ඉක්මන් ප්‍රවේශයක් ලබා දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart