
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හික්කඩුව වෙරළට ඔබ්බෙන් පිහිනමින් සිටි විදේශීය ජාතිකයකු ඊයේ දියේ ගිලී මිය ගොස් තිබේ.
එම මුහුදු තීරයේදීම මුහුදට ගසාගෙන ගිය විදේශීය කාන්තාවක් පොලිසිය බේරා ගැනීමට සමත් වී ඇත.
ඊයේ (19)උදෑසන හික්කඩුව පොලිස් කොට්ඨාසයට අයත් වෑවල ප්රදේශයේදී මුහුදේ පිහිනමින් සිටි විදේශීය පුද්ගලයකු දැඩි රළ පහරකට හසු වී ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.
පසුව එම පුද්ගලයා නැවත වෙරළට ගෙනැවිත් 1990 සුව සැරිය ගිලන් රථ සේවාව මගින් බලපිටිය රෝහලට ඇතුළත් කරන ලද නමුත් ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
මියගිය පුද්ගලයා බෙලාරුසියානු ජාතික 54 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇත.
ඔහුගේ දේහය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඊයේ සවස තවත් සිදුවීමකදී, හික්කඩුව වෙරළට ඔබ්බෙන් පිහිනමින් සිටියදී දැඩි රළ පහරකට හසු වූ 44 හැවිරිදි රුසියානු කාන්තාවක් බේරා ගෙන තිබේ.
එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් කාන්තාව බේරාගෙන ප්රථමාධාර ලබා දුන් බවත්, ඇය අනතුරුදායක තත්ත්වයෙන් මිදී ඇති බවත් පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart