
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දීර්ඝ විරාමයකට පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දෙරට අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) යළි පණ ගැන්වීමට එක්ව තිබේ.
ඒ අනුව, මේ සතියේ කොළඹදී පැවති, එම ගිවිසුම පිළිබඳ 12 වැනි සාකච්ඡා වටයෙන් අදහස් වුයේ දෙරට අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වූ නව කැපවීමකි.
ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, ජුලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ඉන්දීය සංචාරයෙන් ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යළිත් තහවුරු විය.
මෙම සාකච්ඡා 2018 වසරේ සිට අත්හිටුවා තිබීම විශේෂත්වයකි.
ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සමලේකම් ශ්‍රී අනන්ත් ස්වරුප්ගේ ප්‍රධානත්වයෙන් 19 දෙනෙකුගෙන් යුත් ඉන්දීය නියෝජිත පිරිසක් ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ.
ශ්‍රී ලංකාව නියෝජනයට ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව , විදේශ කටයුතු අමාත්‍යාංශය , වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව,වාණිජ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය ඇතුළත් විය.
12 වැනි සාකච්ඡා වටයේදී භාණ්ඩ, සේවා, මූලාරම්භය පිළිබඳ නීති, වෙළඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියා පටිපාටි, වෙළෙඳ පහසුකම්, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධා, සනීපාරක්ෂක පියවර මෙන්ම නීතිමය සහ ආයතනික කටයුතු ඇතුළත් පුළුල් පරාසයක මාතෘකා ආවරණය කෙරිණි.
පවතින ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටලු විසඳීම සඳහා විශේෂ සැසියක් ද පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart