
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කල් දැමූ 2023 පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා බල රහිත කිරීමේ හැකියාව සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති දිනේෂ් ගුණවර්ධනට උපදෙස් දී තිබේ.
කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන අනාවරණ කළේ මේ සම්බන්ධයෙන් රජය නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබාගෙන ඇති බවයි.
ගුණවර්ධන ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරන්නේද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩල ජනමාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එවැනි වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඇමැතිවරයා කියාසිටියේ පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා බල රහිත කිරීමේ හැකියාව පිළිබඳව සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බවයි.
නාමයෝජනා ඉදිරිපත් කළ රජයේ සේවකයන් විසින් පෙන්වා දුන් විවිධ කරුණු සැළකිල්ලට ගනිමින් මෙය සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බවත් ඔහු පැවැසීය.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පැවැත්වීම සඳහා නීතිපතිවරයා, දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart