
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය අද අවසන් කෙරුණු අතර, නඩුවේ තීන්දුව ලබාදෙන දිනය නිවේදනය කෙරිණි.
ඒ අනුව විනිසුරු සාරා හගට් ලබන බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 28) සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇත.
ධනුෂ්ක ගුණතිලක අවසරයකින් තොරව ලිංගික අතවර කිරීමේ එක් චෝදනාවකට නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසු, ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ මෙම නඩුව කැඳවා තිබිණි.
මෙම චෝදනාව, පසුගිය වසරේ නොවැම්බර් 02 වැනි දින සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකදී කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරෙමින්, හොර රහසේ උපත් පාලන කොපුවක් ඉවත් කළ බවට චෝදනා එල්ල වූ සිද්ධියකට සම්බන්ධ වේ.
පසුගිය සඳුදා ආරම්භවූ ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය දින තුනක් තිස්සේ සාක්ෂි විභාග කරමින් ක්‍රියාත්මක විය.
ධනුෂ්ක ගුණතිලක නඩු විභාගය – තෙවැනි දිනයේ විස්තරය : CCTV දර්ශන නිකුත්වේ(වීඩියෝ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart