September 27, 2026

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක බරපතල තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය අද උදෑසන සඳහන් කළේය.

මීට පෙර වාර්තා වූයේ එම වෙඩි ප්‍රහාරයෙන් අදාළ නිවසේ සිටි කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් යටතේ විමර්ශන ආරම්භ කර ඇත.