
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකින් පසු දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී දරුවාගේ වකුගඩු යුගලම ඉවත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබියදීත්, එම වකුගඩු අධිකරණයට හෝ අදාළ පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් මෙතෙක් අසමත් වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.
වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබියදීත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වීම පිළිබඳව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චාමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි ලෙස චෝදනා කරයි.
එම ළමා රෝහලේදී සිදුකළ වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව මෙම දරුවා මියගොස් තිබිණි. පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී දරුවාගේ වකුගඩු දෙකම සිරුර තුළ නොමැති බව අනාවරණය වූ අතර, මව්පියන් විසින් මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.
වෛද්‍ය සංජීව පෙන්වා දෙන්නේ දරුවාගේ වකුගඩු එකිනෙකට බද්ධ වී පැවතීම හේතුවෙන් ශල්‍යකර්මයේදී එම වකුගඩු යුගලම ඉවත් කර ඇති බවයි.
කෙසේවෙතත්, සිද්ධිය වූ සමයේ රෝහල් අධ්යක්ෂවරයාව සිටි වෛද්‍ය ජී විජේසූරිය ප්‍රකාශ කර තිබුණේ, ඉවත් කිරීමට නියමිතව තිබූ වකුගඩුවට අනෙක් වකුගඩුවද බද්ධ වී තිබීම නිසා දෙවන වකුගඩුවද ඉවත් කිරීමට සිදුවූ බවයි. නමුත් දරුවා රෝහලට ඇතුළත් කිරීමට පෙර සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී වකුගඩු දෙක උදර කුහරය තුළ වෙන වෙනම පිහිටා තිබූ බව තහවුරු වී තිබූ බැවින්, රෝහල් අධ්යක්ෂවරයාගේ එම ප්‍රකාශය දෙමාපියන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
දරුවාගේ මරණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවූ කරුණු හමුවේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතර, විශේෂයෙන්ම ඉවත් කරන ලදැයි කියන වකුගඩු ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් අපොහොසත් වීම බරපතළ සැකයකට තුඩුදී තිබේ.
මේ පිළිබඳව අධිකරණය හමුවේද කරුණු වාර්තා වී ඇති අතර, මුලින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද එකල පියවර ගෙන තිබිණි.
අධිකරණය මගින් නියෝග නිකුත් කර වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබියදීත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි සහයෝගයක් ලබා නොදෙන්නේ මන්දැයි වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්න කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම හැසිරීම සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බව පවසන ඔහු, වහාම මේ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඊට අදාළ සියලු පරීක්ෂණ වාර්තා ප්‍රමාදයකින් තොරව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළ සෞඛ්‍ය බලධාරීන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීට පෙරද අධිකරණය හමුවේ නියෝග නිකුත් කර තිබූ බවද වෛද්‍ය සංජීව වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart