
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින්, 2019 වසරේ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් 9 දෙනාගෙන් 8 දෙනකු බන්ධනාගාරයෙන් පිටව ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පැවසීය.
අනෙක් පුද්ගලයා වෙනත් නඩුවක් සඳහා තවමත් බන්ධනාගාරගතව සිටිය යුතු බැවින් මේ නඩුවෙන් නිදහස් වුවද, ඔහුට නිවෙසට යෑමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
ඉකුත් අඟහරුවාදා (22) නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල බන්ධනාගාරයට නියෝග කළේ නිදහස් කරන ලද විත්තිකරුවන්ගේ වෙනත් නඩු කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා, ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙසයි.
එමෙන්ම නිදහස් කළ බවට සියලු ලේඛන ගාස්තු රහිතව ලබා දෙන ලෙසද විනිසුරු මඬුල්ල නියෝග කළේය.
ඔවුන්ට සිය ගම් බිම්වලට ගොස්, තමන් නඩුවෙන් නිදහස් කොට නිදහස් කළ බව පෙන්වීමට හැකිවනු පිණිස එසේ නියෝග කරන බවද විනිසුරු මඩුල්ල දන්වා ඇත.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart