
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ තනි නඩු විභාගය(Judge-alone trial) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ අද (සැප් 19) අඛණ්ඩව 2 වැනි දිනටත් කැඳවනු ලැබීය.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී වින්දිත කාන්තාවගේ නැඟෙනහිර සිඩ්නි නිවසට ආරාධනා කිරීමෙන් පසුව, කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගය සහ “සොරකම් කිරීම” යන කරුණු සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක එක් වරදකට වරදකරු බව පිළිගෙන ඇත.
අද දිනයේ සම්පුර්ණයෙන්ම පාහේ අධිකරණයේදී අවධානයට යොමුකර ඇත්තේ අදාළ සහසම්බන්ධය සිදුවන අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලක අදාළ තරුණියට වංචාවක් හෝ බලහත්කාරයක් සිදුව ඇත්දැයි යන්න පිළිබඳවය.
මෙහිදී අදාළ තරුණියට ධනුෂ්කගේ පාර්ශ්වයෙන් චෝදනා එල්ල කිරීමක්ද සිදුව ඇත.
නඩු විභාගය විනිසුරු විනිසුරු හගට් ඉදිරියේ තවදුරටත් ක්‍රියාත්මක වේ.
අද දිනයේ අධිකරණයේ සාකච්ඡා වූ කරුණු ඕස්ට්‍රේලියාවේ ඇතැම් ජනමාධ්‍ය ආයතන වාර්තා කර ඇත. පහතින් දැක්වෙන්නේ එවැනි එක් වාර්තාවකි.
https://www.news.com.au/sport/cricket/alleged-victim-of-sri-lankan-cricketer-danushka-gunathilaka-grilled-over-intimate-acts/news-story/3fce08094ae92ef3fe08a9b3c61e23b9
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart