
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් හිමියන් මුහුණ දෙන උග්‍ර දුෂ්කරතා පෙන්වා දෙමින්, නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහාය පළ කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා IOC, සයිනොපෙක් සහ RM Parks යන සමාගම් නියෝජනය කරන ඉන්ධන පිරවුම්හල් හිමියන් සිය ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී බරපතළ අභියෝග රැසකට මුහුණ දී සිටින බවයි.
ඉන්ධන බෙදාහැරීමේ සමාගම් දෙකක් විසින් 2025 වසරේ සිට බෙදුම්කරුවන්ට ලබාදෙන වට්ටම් අසාධාරණ ලෙස කප්පාදු කිරීම හේතුවෙන්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑම වඩාත් දුෂ්කර වී ඇති බව එම සංගමය පැවසීය.
නීතිවිරෝධී ලෙස වැට් බදු අයකිරීම, පෞද්ගලික අංශය සතු පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් නොලැබීම සහ ඉන්ධන බෙදාහැරීම සඳහා නිසි නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අපොහොසත් වීම පිළිබඳව ද ඔවුන් සිය කනස්සල්ල පළකර ඇත.
ඉන්ධන පිරවුම්හල් හිමියන් මුහුණ දෙන ගැටලු කෙරෙහි බලධාරීන් ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමට අපොහොසත් වී ඇති බවත්, එම ගැටලු විසඳා ගැනීම සඳහා සාකච්ඡාවකට හෝ අවස්ථාවක් ලබා දී නොමැති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.
නොවැම්බර් 30 වැනිදා පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දක්වන ලෙස දිවයින පුරා සිටින ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් සහ සේවකයින්ගෙන් සිය සංගමයට ඉල්ලීම් ලැබී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, යෝජිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට (29) පෙරවරු 9.00ට කොළඹදී විශේෂ රැස්වීමක් කැඳවීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කටයුතු යොදා ඇත.
සංගමයේ විධායක කමිටු සාමාජිකයන්, පළාත් සංගම් නිලධාරීන් සහ ප්‍රාදේශීය නියෝජිතයින් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතය.
අදාළ බලධාරීන් නිසි මැදිහත්වීමක් නොකිරීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්‍රය දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
(උපුටාගැනීම – Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart