
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ජනවාරි මාසයේ සිට 2026 ඔක්තෝබර් 31 වැනි දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලය මගින් රුපියල් මිලියන 27,581.4ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අද (28) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අදාළ කාලසීමාව තුළ වැඩිම ආදායමක් වාර්තා කර ඇත්තේ කොට්ටාව සිට මත්තල දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගය වන අතර, එම මුදල රුපියල් මිලියන 11,486කි. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස මගින් රුපියල් මිලියන 7,282ක ආදායමක් උපයා තිබේ.
පිටත වටරවුම් අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 6,251ක් ද, පෑලියගොඩ – කටුනායක අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 2,560.05ක් ද උපයා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, දක්ෂිණ, මධ්‍යම සහ පෑලියගොඩ – කටුනායක යන අධිවේගී මාර්ග තුන මගින් පමණක් උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 21,329කි.
මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මෙසේ කරුණු පැහැදිලි කළේය:
– කඩවත – මීරිගම කොටස ගිවිසුම්ගත කාලසීමාවන්ට අනුව නිම කිරීමට නියමිත අතර, එය පැකේජ තුනක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව කඩවත අන්තර් හුවමාරුව 2027 ජනවාරි වන විටත්, කඩවත – කොසින්න කොටස 2028 මාර්තු වන විටත්, කොසින්න – මීරිගම කොටස 2028 සැප්තැම්බර් වන විටත් නිමකිරීමට නියමිතය.
– පොතුහැර – ගලගෙදර කොටස අදියර දෙකකින් ක්‍රියාත්මක වන මෙහි පළමු අදියර 2027 මැයි 31 වන විට සහ දෙවැනි අදියර 2029 මැයි 17 වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.
– කුරුණෑගල – දඹුල්ල කොටස අදියර දෙකකින් සැලසුම් කර ඇති මෙහි පළමු අදියර 2030 ජුනි 01 වන විට නිම කිරීමට නියමිත නමුත්, ගලේවෙල – දඹුල්ල කොටසේ ඉදිකිරීම් තවමත් ආරම්භ කර නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart