
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ තනි නඩු විභාගය අද (සැප් 18) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
පසුගිය වසරේ නොවැම්බරයේදී වින්දිත තරුණියගේ නැගෙනහිර සිඩ්නි නිවසට ආරාධනා කිරීමෙන් පසුව, කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම සහ “සොරකම් කිරීම” සම්බන්ධයෙන් ගුණතිලක එක් වරදකට වරදකරු බව පිළිගෙන ඇත.
ආරම්භක දේශනය අතරතුර, පොලිස් පැමිණිලිකාර ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් උසාවියට පැවසුවේ, පැමිණිලිකාරියගේ අපේක්ෂිත සාක්ෂිය වන්නේ සංසර්ගය නතර වූ විට කාන්තාව කොන්ඩමයක් බිම වැටී තිබෙනු දුටු බවයි.
ABC පුවත් සේවයට අනුව, විත්තිකරු හිතාමතාම පැමිණිලිකාරියගේ කැමැත්තට පටහැනිව කොන්ඩමය ඉවත් කළ බව අභිචෝදකයා විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු බව මෙහිදී බැරිස්ටර් මුරුගන් තංගරාජ් අධිකරණයට පවසා ඇත.
එම නඩුව ඔප්පු කිරීමට නම්, විනිසුරු සාරා හියුගට් විසින් අදාළ කාන්තාව විශ්වාස කළ හැකි සාක්ෂිකාරියක් ලෙස පිළිගත යුතු බව ඔහු පෙන්වාදී තිබේ.
පැමිණිලිකාරියගේ ඇගේ පළමු සංවාදයේදී ඇය පවසා ඇත්තේ, ගුණතිලක කොන්ඩමය ඉවත් කළේදැයි තමාට විශ්වාස නැති නමුත් ඒ සම්බන්ධයෙන් “හැඟීමක් ඇති” බව යන කරණය මෙහිදී බැරිස්ටර් මුරුගන් තංගරාජ් පෙන්වාදී ඇත.
දින කිහිපයකට පසු කාන්තාව පොලිසියට කතා කළ විට පමණක් ඇගේ ප්‍රකාශය තහවුරු කර ඇති බව බැරිස්ටර්වරයා සඳහන් කර තිබේ.
නීතිඥවරයකු නොමැතිව පැය දෙකකට වැඩි කාලයක් සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම ඇතුළුව තම සේවාදායකයා පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවද ධනුෂ්කගේ බැරිස්ටර් තංගරාජ් අධිකරණයට පෙන්වාදී ඇත.
නඩු විභාගය දින තුනක් හෝ හතරක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart