September 27, 2026

හල්පෙතොට, බද්දේගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවකු ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට වෙඩි තබන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් නිකුත් වී ඇති අතර, මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

අදාළ මෝටර් රථය එම ස්ථානයට පැමිණීමෙන් පසු, තුවක්කුකරු රථයෙන් බැස මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයට වෙඩි තබන අයුරු එම දර්ශනවල සටහන්ව ඇත.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ එක් අයකුව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, තුවාල ලැබූ දෙවන පුද්ගලයාද ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය දැන් තහවුරු කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවන් කිහිපදෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

ප්‍රහාරයට වගකිවයුත්තන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.